AB Mauri Lanka වෙතින් ‘බේක්ස්ටාර්’ (BakeStar) හඳුන්වා දෙයි: ශ්‍රීලාංකීයබේකරිනිෂ්පාදකයින්ටප්‍රායෝගිකසහවටිනාකමකින්සමන්විත ඉහළවිසඳුමක්

AB Mauri Lanka වෙතින් BakeStar හඳුන්වා දෙයි:

ශ්‍රී ලංකාවේ බේකරි අමුද්‍රව්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වන AB Mauri Lanka සමාගම, වත්මන් අභියෝගාත්මක ආර්ථික පරිසරය හමුවේ ශ්‍රී ලාංකීය බේකරි නිෂ්පාදකයින්ට සහය වීම සඳහාම විශේෂයෙන් සංවර්ධනය කරන ලද පුළුල් බේකරි නිෂ්පාදන එකතුවක් වන ‘බේක්ස්ටාර්’ (BakeStar) නිෂ්පාදන පෙළ මෙරට වෙළඳපොළට හඳුන්වා දෙයි. මෙමඟින් බේකරි නිෂ්පාදනවල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සහ බේකරි හිමියන්ගේ මෙහෙයුම් සහ මූල්‍යමය පිරිවැයට ගැළපෙන විසඳුම් සැපයීමට AB Mauri Lanka දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ.

තනි නිෂ්පාදනයකට පමණක් සීමා නොවී, ගෘහස්ථ මෙන්ම මහා පරිමාණ බේකරි හිමියන්ගේද සියලුම අවශ්‍යතා සපුරාලිය හැකි පුළුල් නිෂ්පාදන පෙළක් පිරිනැමීම ‘බේක්ස්ටාර්’ හි සුවිශේෂීත්වයයි. මෙයට බේකිං පවුඩර්, කොකෝවා පවුඩර්, කේක් සහ ස්පන්චි මිශ්‍රණ මෙන්ම කේක් ජෙල් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් ඇතුළත් වන අතර, එමඟින් විශ්වාසනීය සහ ඉහළම ප්‍රමිතියේ බේකරි නිෂ්පාදන නිමවා ගැනීමට අවශ්‍ය පරිපූර්ණ විසඳුම ලබාගත හැක.

මෙම නිෂ්පාදන පෙළෙහි ප්‍රධානතම අංග වනුයේ කේක් සැකසීමේ ක්‍රියාවලිය සරල කිරීමට සහ එහි පරිමාව, මෘදු බව (texture) මෙන්ම නිමාව එකලෙස ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වන BakeStar Cake Gel සහ BakeStar Cake Mix ය. මෙම විසඳුම් නිසා දක්ෂ/පුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුතාවයට සාර්ථක විසඳුම් ලැබෙන අතර, සෑම නිෂ්පාදන වාරයකදීම නොවෙනස් ලෙස එකම ආකාරයේ  උසස් ප්‍රමිතියක් පවත්වා ගැනීමට බේකරි හිමියන්ට අවස්ථාව සලසා දෙයි.

පුද්ගල දක්ෂතාවය මත ප්‍රතිඵල තීරණය වන බේකරි කලාවට, හැමවිටම උසස් ප්‍රමිතියක් රැගෙන එන්නට BakeStar සමත් වී ඇත. නිෂ්පාදන සැකසීමේදී සිදුවන වැරදි මඟහරවා ක්‍රියාවලිය සරල කරන බැවින්, අමුද්‍රව්‍ය නාස්ති වීම වැළකේ. එමඟින් සමස්ත බේකරි මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වර්ධනය වන අතර, සෑම විටම පාරිභෝගිකයා අපේක්ෂා කරන නියම ගුණාත්මකභාවය ලබා දීමට ව්‍යාපාරිකයින්ට අවස්ථාව සැලසේ.

මෙම නිෂ්පාදන පිළිබඳව AB Mauri Lanka සමාගමේ තාක්ෂණික කළමනාකරු සුරේන් පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වීය:

“BakeStar පිටුපස ඇත්තේ සරල අරමුණකි. එනම්, බේකරි හිමියන්ට සැබවින්ම ප්‍රායෝගික හා ප්‍රයෝජනවත් වන විසඳුම් ලබා දීමයි. වත්මන් කර්මාන්තය මුහුණ දෙන අභියෝග පිළිබඳව අපට මනාව අවබෝධයක් ඇති බැවින්, විශ්වාසනීයත්වය මෙන්ම සාධාරණ මිල යන දෙකම රැකෙන පරිදි මෙම නිෂ්පාදන පෙළ නිර්මාණය කර තිබේ. ඒ නිසා, වත්මන් වෙළඳපොළ තත්ත්වයන්ට ගැළපෙන මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළම නිෂ්පාදන ලැබෙන බවට බේකරි නිෂ්පාදකයින්ට BakeStar කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැකියි.”

BakeStar නිෂ්පාදන දැන් කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම මහා පරිමාණ බේකරි මෙහෙයුම්වලට ගැළපෙන ලෙස පහසු ඇසුරුම්වලින් දිවයින පුරා ලබා ගත හැකිය. AB Mauri Lanka සමාගම සතු ඉහළ තාක්ෂණික විශේෂඥතාවයේ ශක්තියද සමඟින්, BakeStar ශ්‍රී ලංකාව පුරා සිටින බේකරි නිෂ්පාදකයින්ගේ නොබිඳෙනසුලු, විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරයි.

AB Mauri Lanka වෙතින් BakeStar හඳුන්වා දෙයි:
Share it :