ඔබ දැනගතයුතු සත්‍යය.
වර්තමාන ජන ජීවිතය තාක්ෂනය හා බැඳී පවතින අතර එය සෑම ක්ෂේත්රයකම කාර්යයන් පහසු සහ වේගවත් කර තිබේ. ස්මාර්ට්ෆෝන්, අන්තර්ජාලය සහ කෘතිම බුද්ධිය (AI) වැනි දියුණු මෙවලම් රජයන යුගයක, Google, Meta, Apple, Amazon සහ Microsoft වැනි ‘Big Tech’ සමාගම් අපගේ දෛනික තොරතුරු ගලායාම සහ අන්තර්ක්‍රියා මෙහෙයවනු ලබයි. මතුපිටින් බලන විට මේවා අපට අවශ්‍ය දේ පෙන්වන මෘදුකාංග වුවද, ඒවා ඉතා සියුම් ලෙස අපගේ මනස සහ හැසිරීම් පාලනය කරනු ඇත. එබැවින් අපි මනස හසුරුවන ක්‍රමවේදයන් සහ ඒවායේ බලපෑම් පිළිබඳව නිවැරදි දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
මනස’හැක්’ කරන ඇල්ගොරිතම Algorithm (Brain Hacking)
නවීන තාක්ෂණික පද්ධති අපගේ අවධානය නිරන්තරයෙන් රඳවා තබා ගැනීම සඳහා ඉතා සංකීර්ණ ඇල්ගොරිතම (Algorithm) භාවිතා කරයි. තාක්ෂණික ලෝකයේ ප්‍රවීණයන් මෙම ක්‍රියාවලිය “Brain Hacking” ලෙස හඳුන්වයි. මෙමඟින් සෘජු ලෙස “මනස පාලනය කිරීමක්” නොපෙනුනද, එය අපගේ සිතුවිලි, අදහස් සහ පුරුදු සියුම් ලෙස වෙනස් කිරීමට සමත්ය.
මනස තුළ ඇබ්බැහිවීම් ඇති කරන ඩොපමින් නිපදවීම:
පරිශීලකයන්ව දිගින් දිගටම තිරය (screen) දෙස බලා සිටීමට පොළඹවන මෙම ඇල්ගොරිතම නිර්මාණය කර ඇත්තේ මිනිස් මනස තුල තුළ ඇබ්බැහිවීම් ඇති කරන ඩොපමින් (Dopamine) නිපදවීම උත්තේජනය කරමිනි . මෙය සූදුවට හෝ මත්ද්‍රව්‍යවලට යොමු වූ පුද්ගලයින් තුළ ඇති වන ඇබ්බැහි වීම හා සමාන තත්වයක් බව විද්වතුන් පෙන්වා දෙයි.
සමාජ මාධ්‍යවල ඇති Infinite Scrolling (කෙළවරක් දක්නට නොමැති ලෙස පහළට ගෙන යාම), Personalised Recommendations සහ Notifications මගින් අපේ මොළයේ ‘Reward System’ උත්තේජනය කරයි. අපි ‘Like’ කිරීමේදී සහ ‘Share’ කිරීමේදී හෝ වීඩියෝ නරඹන සෑම අවස්ථාවකම මොළය තුළ ඩොපමින් රසායනිකය මුදාහැරේ.
සමාජීය බලපෑම:
අධික ලෙස තිරය දෙස බලා සිටීම සහ ඇල්ගොරිතම මත යැපීම අපගේ සමාජ ව්‍යුහය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි:
Virtual සබඳතා වැඩි වන විට, මුහුණට මුහුණ හමුවී කරන ගනුදෙනු අඩු වේ. මෙයින් සමාජ සහජීවනය සහ අන්‍යෝන්‍ය අවබෝධය හීන වී යයි.
බුද්ධිමය පසුබැස්ම:
විශේෂයෙන්ම ඩිජිටල් මෙවලම් සමඟම හැදී වැඩුණු ‘Gen Z’ පරපුර මීට පෙර පරම්පරාවන්ට වඩා දක්ෂ වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවත් නොබෝදා සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වුයේ පෙර පරම්පරාවට (Millennials) වඩා අඩු බුද්ධි මට්ටමක් (IQ) පෙන්වන පළමු පරම්පරාව බවට Gen Z පත්ව ඇති බවයි. මෙය ඉතිහාසයේ පළමු වතාවට සිදුවූ දෙයක් වන අතර එය ලොව පුරා සිදුවන බුද්ධිමය පසුබෑමක ලක්ෂණයක් ලෙස විද්‍යාඥයන් හඳුන්වනවා.
සිතීමේ හැකියාව දුර්වලවීම:
අපට අවශ්‍ය දේ ‘එක ක්ලික් එකකින්’ ලැබෙන විට, ගැඹුරින් සිතීමට ඇති හැකියාව, මතක ශක්තිය සහ ගැටලු විසඳීමේ නිර්මාණාත්මක හැකියාව හීන වී යාමේ අවදානමක් පවතී.
ස්වාධීනත්වය පිළිබඳ ගැටලු:
බිලියන සංඛ්‍යාත ජනතාව දිනපතා දකින සහ සිතන දේ පිලිබඳ තීරණය කරනු ලබන්නේ සමාගම් කිහිපයක ඇල්ගොරිතම මගිනි. මෙය ඩිජිටල් යුගයක මිනිසාගේ ස්වාධීනත්වය (Autonomy) පිළිබඳ සදාචාරාත්මක ප්‍රශ්නයක් මතු කරයි.
ඩිජිටල් ඇබ්බැහිවීමෙන් මිදීමට සරල පියවර 5ක්
ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදී, ඔබ එහි පාලකයා වීමට පහත පියවර අනුගමනය කරන්න:
Notifications අක්‍රිය කරන්න: ඇමතුම් සහ වැදගත් පණිවිඩ හැර අනෙකුත් සියලුම දැනුම්දීම් අක්‍රිය කරන්න.
නිදනකාමරයෙන් දුරකථනය ඉවත්කරන්න: රාත්‍රී නින්දට පෙර සහ අවදි වූ සැණින් දුරකථනය භාවිත කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට සාමාන්‍ය එලාම් ඔරලෝසුවක් භාවිතා කරන්න.
ග්‍රේස්කේල්‘ (Grayscale) ක්‍රමය: ඔබේ දුරකථනයේ තිරය කළු-සුදු (Grayscale) මට්ටමට පත් කරන්න. එවිට වර්ණවත් ‘ඇප්’ දෙස බැලීමට ඇති ආශාව ස්වභාවිකවම අඩු වේ.
තාක්ෂණික උපාංග භාවිතයෙන් තොර කලාප : (Tech-Free Zones): ආහාර ගන්නා විට හෝ පවුලේ අය සමඟ සිටින විට දුරකථනය භාවිත නොකර සැබෑ ලෝකයේ අත්දැකීම් විඳ ගැනීමට මනසට ඉඩ දෙන්න.
ගැඹුරු අවධානය (Deep Focus) කෙරෙහි යොමු වන්න : දිනකට අවම වශයෙන් විනාඩි 20ක් වත් පොතක් කියවීමට හෝ යම් නිර්මාණශීලී විනෝදාංශයකට වෙන් කරන්න.

තාක්ෂණය අපට අසීමිත තොරතුරු ලබා දෙන නමුත් එයට අපගේ සිතීමේ ශක්තිය සහ සමාජීය බැඳීම් පාලනය කිරීමට ඉඩ නොදිය යුතුය. අනාගත පරපුරේ බුද්ධිය සහ මානසික සුවය රැඳී පවතින්නේ අප අද ගන්නා මෙම තීරණ මතය.




