ශ්‍රී ලංකාව තුල ගනුදෙනු කිරීම රුපියල් වලින් පමණයි. – මහ බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව

රී ලංකාවේ නේවාසික පුද්ගලයින් (දේශීය පදිංචිකරුවන්) රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කරමින් රට තුළ ගනුදෙනු කරන අවස්ථා කිහිපයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව පහත කරුණු පැහැදිලි කරයි:

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවලදී හැර ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් අතර සිදුවන සියලුම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල ඒකකය වන ශ්‍රී ලංකා රුපියල් මඟින් පමණක් සිදු කළ යුතු බව මහ බැංකුව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල්වලට පරිවර්තනය කරමින්, විද්‍යුත් මුදල් මාරු කිරීම , කාඩ්පත් (හර හෝ බැර කාඩ්පත්) මගින් සිදු කරන ගෙවීම් ද ඇතුළුව, දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම්, විදේශ විනිමය ගිණුමකට බැර කිරීමට දේශීය වෙළෙඳුන් හට මහ බැංකුව විසින් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව වෙළෙඳුන්ට සහ මහජනතාවට දැනුම් දෙයි,

මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල්වලින් සිදු කරන ගෙවීම් හෝ භාණ්ඩ හා සේවා සඳහා විදේශ මුදල් භාරගන්නා ඕනෑම පුද්ගලයෙකු මහේස්ත්‍රාත් අධිකරණයක් පවත්වනු ලබන ලඝු පරීක්ෂණයකින් පසු වරදකරුවෙකු වුවහොත් පහත දඬුවම්වලට යටත් වන බවද මහ බැංකුව නිවේදනය කරයි.

රුපියල් මිලියන 25 කට (රු. 25,000,000/-) නොවැඩි දඩයක්; හෝ

වසර 3 කට නොවැඩි සිර දඬුවමක්; හෝ

ඉහත දඩය සහ සිර දඬුවම යන දෙකම.

එබැවින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට හසු නොවන පිණිස මෙම නීතිමය අවශ්‍යතා දැඩි ලෙස අනුගමනය කරන ලෙස මහ බැංකුව ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටීයි .

Share it :