2026 දී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය:වේගවත් වර්ධනය සහ එදිනෙදා සිදුවන අවදානම් මධ්‍යයේ මහජන විශ්වාසය ගොඩනැගීම

ඩිජිටල් Economy

ශ්‍රී ලංකාව 2026 වසරේදී ඩිජිටල් ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කරද්දී, එදිනෙදා ගනුදෙනු සඳහා ජංගම මුදල් පසුම්බි (mobile wallets), QR ගෙවීම්, online  බැංකු සේවා සහ අන්තර්ජාලය පදනම් කරගත් මිලදී ගැනීම් ( e-commerce )  කෙරෙහි ජනතාව වැඩි වැඩියෙන් යොමු වී තිබේ.  ක්ෂණික මුදල් හුවමාරුවේ සිට මුදල් රහිත සාප්පු සවාරි දක්වා මෙම ඩිජිටල් ක්‍රමවේද මඟින් පහසුව සලසා දුන්නද, එමඟින් ජනතාව බොහෝ අවදානම්වලටද නිරාවරණය වේ. මෑතකදී පැවති 2 වන ජාතික දත්ත ආරක්ෂණ සම්මන්ත්‍රණයේදී (National Data Protection Symposium)   ඩිජිටල්කරණය සිදුවන වේගයට සාපේක්ෂව පුද්ගලික දත්ත ආරක්ෂා කිරීමට සහ අවභාවිතය වැළැක්වීමට අවශ්‍ය විශ්වාසදායී රාමුවක් ගොඩනැගී නොමැති බව සාකච්චාවට ලක්වූ ප්‍රධාන කාරනාවක් විය

පොදු ජනතාවගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, බොහෝ ශ්‍රී ලාංකිකයන් ගෙවීම් සඳහා QR කේත ස්කෑන් කිරීම හෝ මුදල් ප්‍රේෂණය සඳහා ඇප් (Apps) භාවිතා කිරීම වැනි ඩිජිටල් පද්ධතිවල ඇති පහසුව අගය කරන නමුත්, ඒවායේ පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පිළිබඳව පසුවන්නේ කනස්සල්ලෙනි. සෑම ක්ලික් කිරීමක් (Click) සහ ස්වයිප් කිරීමක් (Swipe) හරහාම පුද්ගලික තොරතුරු ගලා යන බැවින්, මෙම පද්ධති පුළුල් ලෙස පිළිගැනීමට නම් ඒවා කෙරෙහි ඇති විශ්වාසය අත්‍යවශ්‍ය වේ. වේගවත් digital වර්ධනය එදිනෙදා ජීවිතයට බලපාන ආකාරය, එහි පවතින අවදානම් සහ මෙරට නිවාස, ව්‍යාපාර සහ පවුල් ඒකක සඳහා දත්ත ආරක්ෂාව ශක්තිමත් කිරීම වැදගත් වන්නේ මන්ද යන්න පිළිබඳව දැනුවත්වීම මෙම ලිපියෙන් විශ්ලේෂණය කරයි.

එදිනෙදා සිදුවන ඩිජිටල් වෙනස්කම් සහ පුරවැසියන් තුළ ඒ සඳහා ඇති ආකර්ෂණය

මෑත වසරවලදී ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් මෙවලම් භාවිතයට ඉතා ඉක්මනින් හුරු වී ඇත. මුද්‍රිත රිසිට්පත් සහ මෙනුපත් (menus) වෙනුවට QR කේත භාවිතයට පැමිණෙමින් තිබේ; භෞතික මුදල් නෝට්ටු වෙනුවට බොහෝ විට ජංගම මුදල් පසුම්බි (mobile wallets) ආදේශ වී ඇති අතර, ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ ක්‍රියාවලීන් (KYC) දැන් ඩිජිටල් ආකාරයෙන් සිදු වේ. තත්‍ය කාලීන මුදල් හුවමාරු (Real-time transfers) මඟින් පවුල්වල සාමාජිකයන්ට ක්ෂණිකව මුදල් යැවීමට ඉඩ සැලසෙන අතර, විද්‍යුත් වාණිජ (e-commerce) හරහා ග්‍රාමීය ප්‍රදේශවලට පවා සාප්පු සවාරි යාමේ පහසුව ලැබී ඇත.

බොහෝ නිවෙස්වලට ඩිජිටල් ක්‍රමවේද වල සිදුවන වෙනස්කම් ප්‍රායෝගික ප්‍රතිලාභ රැගෙන එයි. දෙමාපියන්ට පෝලිම්වල නොසිට පාසල් ගාස්තු, ජල  විදුලි බිල්පත්  අන්තර්ජාලය හරහා ගෙවීමට හැකි වී ඇත, වෙළඳුන් වැඩි පාරිභෝගික පිරිසක් වෙත ළඟා වීමට ඇප් (apps) හරහා ගෙවීම් භාර ගන්නා අතර  විදේශගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ වෙනදාට වඩා වේගයෙන් මෙරටට ලැබෙයි. දෛනික වැටුප් ලබන්නන් සහ ගෘහණියන් ජංගම බැංකු සේවා මඟින් කාලය ඉතිරි කර ගන්නා අතර, එමඟින් තම රැකියාව හෝ පවුල කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන් හට  අවස්ථාව ලැබේ.

කෙසේ වෙතත්, මෙම පහසුව පවතින්නේ පුද්ගලික දත්තයන් මතය. සෑම ගනුදෙනුවකදීම දුරකථන අංක, ස්ථානය (locations)  මූල්‍ය තොරතුරු  වැනි තමන්ගේ පෞද්ගලික දත්ත  හුවමාරු වේ. ඩිජිටල් ගනුදෙනු වල  වේගවත් බව පිළිබඳව මහජනතාව තුළ පැහැදීමක් තිබුණද, තම පෞද්ගලික දත්ත හසුරුවන ආකාරය සහ ඒවායේ සුරක්ෂිතභාවය පිළිබඳව ජනතාව තුල පවතින විශ්වාසය මත මෙම ඩිජිටල් මෙවලම් සමඟ දිගුකාලීනව කටයුතු කිරීම තීරණය වේ.

වැඩිවන අවදානම්: ඩිජිටල් ගනුදෙනුවලදී සිදුවන අන්තර්ජාල වංචා සහ පවතින අනාරක්ෂිත බව

දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වුවද, අන්තර්ජාලය හරහා සිදුවන වංචා (online scams) නොකඩවා සිදුවීම ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවකි. මහබැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) වැනි නියාමන ආයතන, වංචනික ආයෝජන ක්‍රම, ව්‍යාජ ඇප් (apps) සහ පුද්ගලික දත්ත සොරාගැනීමේ උත්සාහයන් (phishing) පිළිබඳව දිනපතා අවවාද නිකුත් කරයි. මෙම උපදෙස් මධ්‍යයේ වුවද, ඩිජිටල් පද්ධති පරිහරණය කිරීමේදී ඇතිවන සංකීර්ණත්වය නිසා බොහෝ පුරවැසියන් තවමත් මෙවැනි වංචාවලට ගොදුරු වෙති.

විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී පවුල් හෝ ස්මාර්ට් දුරකථන භාවිතා කරන නවක පුද්ගලයන්, එහි පවතින අවදානම් නිසි ලෙස වටහා නොගෙන සැකකටයුතු සබැඳි (links) මත ක්ලික් කිරීමට පෙළඹිය හැකිය. විවිධ පද්ධති වල දත්ත හුවමාරු කරන සුළු ව්‍යාපාරිකයන්, දත්ත අවභාවිතා වීම හරහා තම අනන්‍යතාවය සොරාගනු ඇතැයි (identity theft) බියෙන් පසුවෙති. “හදිසි” මුදල් හුවමාරු පිළිබඳව අනපේක්ෂිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ ලැබෙන වැඩිහිටි ඥාතීන්, ඒවායේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙති.

woman sat with a laptop and paid with a credit card in a coffee shop.

මෙවැනි සිදුවීම් පද්ධති කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමයි. එක් වංචාවකින් මාස ගණනාවක් තිස්සේ ඉතිරි කරගත් මුදල් අහිමි වී යා හැකි අතර, එය ආහාර හෝ වෛද්‍ය වියදම් වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාවට සෘජුවම බලපායි. ප්‍රජාවන් තුළ මෙලෙස මුදල් අහිමි වූ කථා වේගයෙන් පැතිර යන බැවින්, ඩිජිටල් ගෙවීම් හෝ අන්තර්ජාල සේවාවන් පූර්ණ ලෙස වැළඳ ගැනීමට මිනිසුන් පසුබට වෙති. නිදහස් වෘත්තීය වේදිකා (freelance platforms) හෝ විද්‍යුත් වාණිජ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන තරුණ තරුණියන් පවා දත්ත අවභාවිතය පිළිබඳ පවතින බිය නිසා භාවිත කිරීමට දෙවරක් සිතති.

ඩිජිටල් මෙවලම් මගින් කාර්යක්ෂමතාව පොරොන්දු වුවද, ශක්තිමත් ආරක්ෂණ ක්‍රමවේදයන් නොමැති වුවහොත්, එමඟින් ලැබෙන ප්‍රතිලාභ මෙන්ම සිදුවිය හැකි හානිය ද බෙහෙවින් වැඩි විය හැකිය.

ඩිජිටල්  පද්ධති භාවිතා කිරීමේදී  එහි පවතින විශ්වාසවන්ත භාවය – 

ඕනෑම ඩිජිටල් ආර්ථිකයක පදනම වන්නේ විශ්වාසයයි. ඩිජිටල්  පද්ධති භාවිතා කිරීමේදී ජනතාවට  තම පුද්ගලික දත්ත පිළිබඳව විශ්වාසයක්, ආරක්ෂාවක් සහ පාලනයක් තිබෙන බව හැඟිය යුතුය.

තම තොරතුරු යන්නේ කොතැනටද සහ ඒවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ස්වෛරීභාවයක් තිබෙන බව ඔවුනට හැඟෙන විට, ඔවුන් වඩාත් නිදහසේ මෙම පද්ධති සමඟ සම්බන්ධ වේ.මෙයින් අදහස් වනුයේ තම  ජංගම මුදල් පසුම්බියකින් සිදුකරන ගනුදෙනු අනවසර ප්‍රවේශයන් කරා යොමු නොවන බවට හෝ අන්තර්ජාලය හරහා  shopping කිරීමේදී දත්තයන්  තම අනුමැතියකින් තොරව විකුණනු නොලබන බවට ජනතාව තුල විශ්වාසයක් තිබිය යුතුවේ.  විදේශ රට වලින්  ( ප්‍රේෂණ ) මුදල් ලබන පවුල්වලට එම තොරතුරු වල සුරක්ෂිත භාවය තහවුරු වීම මෙන්ම භෞතික වෙළෙඳසැල් මඟින් මිලදී ගැනීම් වලදී   පාරිභෝගික සබඳතා ගොඩනඟා ගැනීමට සුරක්ෂිත  ලෙස දත්ත හැසිරවීම කෙරෙහි විශ්වාසය වැනි  කරුණු  ඩිජිටල් මෙවලම් භාවිතා කිරීමට ජනතාව  දිරිමත් කරයි.

විශ්වාසදායක ඩිජිටල් අනාගතයක් කරා: පුරවැසියන් සඳහා ප්‍රායෝගික පියවර

විශ්වාසය ගොඩනැගීම සඳහා හවුල් උත්සාහයන් අවශ්‍ය වේ. දැනුවත් කිරීමේ මුලපිරීම් මඟින් ඩිජිටල් සාක්ෂරතාවය සරල කළ හැකිය. සබැඳි (link)සත්‍යාපනය කිරීම හෝ යෙදුම් භාවිතය පිලිබඳ දැනුවත් වීම සඳහා ආරක්ෂිත පිළිවෙත් ඉගැන්වීම සහ සැබෑ අත්දැකීම් බෙදා ගන්නා ප්‍රජා වැඩසටහන් දියත් කිරීම, ආරක්ෂිත මාර්ගගත ආයෝජන සඳහා යොමු වීම සහ පවුලේ දත්ත ආරක්ෂා කිරීම වැනි එදිනෙදා අවස්ථාවන්ට ගැලපෙන මාර්ගෝපදේශ තුලින් ජනතාව දැනුවත් කිරීම වැදගත්වේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන නීතිමය රාමු

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA)

2022 ශ්‍රී ලංකාවේ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) මඟින් පුද්ගලික දත්ත එක්රැස් කිරීම, සැකසීම සහ ගබඩා කිරීම නියාමනය කරනු ලැබේ. ඔබේ අවසරයකින් තොරව දත්ත අවභාවිත කරන ආයතනවලට එරෙහිව ක්‍රියා කිරීමට මේ මඟින් හැකියාව ලබා දෙයි.

2023 වසරේ සිට නීත්‍යානුකූලව පිහිටුවා ඇති දත්ත ආරක්ෂණ අධිකාරිය (DPA) මේ සඳහා  ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. කාර්ය මණ්ඩලය බඳවා ගැනීම, ධාරිතා වර්ධනය, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ AI සහ ජෛවමිතික (biometrics) වැනි නවතම  තාක්ෂණයන් පිළිබඳ මගපෙන්වීම් සැපයීම මෙම ආයතනයේ  ප්‍රමුඛතා අතර වේ .

පුරවැසියන් සඳහා, PDPA ක්‍රියාත්මක වීම යනු ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රමවේදයන් ලැබීමයි: එනම් තමන්ගේ දත්ත භාවිතා කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඇති අයිතිය, වැරදි තොරතුරු නිවැරදි කිරීමට හෝ මකා දැමීමට ඇති අවස්ථාව සහ දත්ත වංචාවක්  සිදුවුවහොත් උපකාර  ලබා ගැනීමට ඇති හැකියාවයි. පද්ධති සැලසුම් කිරීමේ සිට ආරක්ෂාව ඇතුළත් කිරීම (“privacy by design”) සහ විනිවිදභාවයෙන් යුතුව ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම හරහා ආයතන කෙරෙහි ඇති විශ්වාසය වර්ධනය වේ.

පරිගණක අපරාධ පනත (2007 අංක 24): පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වීම (hacking), දත්ත සොරාගැනීම සහ පරිගණක මගින් සිදුකරන වංචාවලට එරෙහිව දඬුවම් ලබා දීමට මෙම නීතිය භාවිතා වේ.


AI මෙහෙයවන යුගයක ජනතාවගේ  ගැටළු සහ අනාගතය-

කෘත්‍රිම බුද්ධිය ඩිජිටල් මෙවලම් සමඟ ඒකාබද්ධ වන විට, මනාපයන් අනුමාන කරන විට, අවශ්‍යතා පුරෝකථනය කරන විට හෝ තීරණ ස්වයංක්‍රීය කරන විට සාමාන්‍ය පරිශීලකයින් සඳහා නව ප්‍රශ්න මතු වේ. ණය අනුමත කිරීම්, රැකියා අයදුම්පත් හෝ සේවා මිලකරණයට පවා ඇල්ගොරිතම මඟින් බලපෑම් කළ හැකිය. මෙහිදී තීරණ සාධාරණ විය යුතු බවත්, පක්ෂපාතීත්වයන්ගෙන් තොර විය යුතු බවත් මහජනතාව අපේක්ෂා කරති.

විශ්වාසදායක ඩිජිටල් අනාගතයක් කරා: පුරවැසියන් සඳහා ප්‍රායෝගික පියවර
විශ්වාසය ගොඩනැගීම සඳහා හවුල් උත්සාහයන් අවශ්‍ය වේ. දැනුවත් කිරීමේ මුලපිරීම් මඟින් ඩිජිටල් සාක්ෂරතාවය සරල කළ හැකිය. සබැඳි (link)සත්‍යාපනය කිරීම හෝ යෙදුම් භාවිතය පිලිබඳ තේරුම් ගැනීම සඳහා ආරක්ෂිත පිළිවෙත් ඉගැන්වීම සහ සැබෑ අත්දැකීම් බෙදා ගන්නා ප්‍රජා වැඩසටහන් දියත් කිරීම, පවුලේ දත්ත ආරක්ෂා කිරීම වැනි එදිනෙදා අවස්ථාවන්ට ගැලපෙන මාර්ගෝපදේශය තුලින් ජනතාව දැනුවත් කිරීම වැදගත්වේ.

ඩිජිටල්කරණය හරහා ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය අපේක්ෂා කළද, එහි තිරසාරභාවය රඳා පවතින්නේ තාක්ෂණය දියුණු වන වේගයෙන්ම මහජන විශ්වාසයද වර්ධනය කිරීම මතය.

සාරාංශය: ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් අවකාශය තුළ බල ගැන්වීම

2026 වසරේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය මේ සඳහා දැවැන්ත අවස්ථාවන් ලබා දෙයි. කෙසේ වෙතත්, සාමාන්‍ය පුරවැසියාට වංචා, දත්ත අවභාවිතය සහ පාලනය පිළිබඳ බිය තවමත් පවතී. ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සහ මේ පිළිබඳව පුළුල් අධ්‍යාපනයක් ලබා දීම  හරහා ජනතාව තුල  විශ්වාසය ශක්තිමත් කළ හැකිය. මිනිසුන්ට ආරක්ෂාව සහ දැනුවත්භාවය දැනෙන විට, ඩිජිටල් මෙවලම් කරදරයක් නොව තම ජීවිතය පහසු කරවන ක්‍රමවේද බවට පත්වනු ඇත.

Share it :