ඉන්දියානු සංචාරකයින් සඳහා වඩාත් පහසු ගෙවීම් අත්දැකීමක්….
ඉන්දියාවේ UPI, (Unified Payments Interface) යනු ජංගම දුරකථන යෙදුම් හරහා ක්ෂණික සහ ආරක්ෂිත ලෙස ගෙවීම් කළහැකි පද්ධතියකි. මසකට මූල්‍ය ගනුදෙනු බිලියන 20කට අධික ප්‍රමාණයක් සිදුකරන මෙය ලොව දියුණුම ඩිජිටල් ගෙවීම් ක්රමවේදයකි . ඉන්දියාව පුරා UPI QR මධ්‍යස්ථාන මිලියන 700කට වඩා පවතින අතර, එහි ආරක්ෂිත සහ විවෘත තාක්ෂණික ව්‍යුහය නිසා LankaQR පද්ධතිය සහ වෙනත් ජාත්‍යන්තර ගෙවීම් ජාලයන් සමඟ බාධාවකින් තොරව පහසුවෙන්ම සම්බන්ධ වීමේ හැකියාව ඇත.
ඉන්දියාවේ ජාතික ගෙවීම් ජාලයේ NPCI (National Payments Corporation of India) ජාත්‍යන්තර අංශය වන NIPL, ශ්‍රී ලංකාව තුළ UPI මගින් ගෙවීම් සිදු කිරීමේ පහසුකම තවදුරටත් ව්‍යාප්ත කිරීම පිලිබඳ යළිත් තහවුරු කර ඇත. මෙමගින් ඉන්දියානු සංචාරකයින්ට දේශසීමා හරහා සිදුකරන ගෙවීම් පහසු කිරීම, ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට සහාය වීම සහ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ ප්‍රමුඛතම වෙළඳපොළ ඉන්දියාව වේ, 2024 වසරේදී ඉන්දියානු සංචාරකයින් 4,16,000ක් මෙරටට පැමිණි අතර, 2025 වසරේදී එම අගය 5,31,000 දක්වා වර්ධනය විය. විවේකය, විවාහ උත්සව, සාප්පු සවාරි සහ ආගමික සංචාර සඳහා මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයින් සඳහා වඩාත් විශ්වාසදායක සහ පහසු ගෙවීම් ක්‍රමවේදයක් සැලසීම අත්‍යවශය කරුණකි.
NPCI සහ LankaPay අතර පවතින මෙම සහයෝගීතාවය හරහා ඉන්දියානු සංචාරකයින්ට ඔවුන්ගේ UPI යෙදුම මඟින් ඕනෑම LankaQR කේතයක් ස්කෑන් කිරීමෙන් මුදල් ගෙවිය හැකිය. මේ නිසා භෞතිකව මුදල් රැගෙන යාමේ හෝ මාරු කිරීමේ අවශ්‍යතාවය අවම වේ.
මේ වන විට Cinnamon Hotels, Taj Hotels, Barista, Keells Supermarket සහ Odel වැනි ප්රමුඛ පෙළේ ආයතනවල UPI ගෙවීම් සිදු කළ හැකිය.
මේ මඟින් වෙළෙඳුන්ට ඩිජිටල් තාක්ෂණය හුරු විශාල පාරිභෝගික පිරිසක් වෙත ප්‍රවේශ වීමටත්, මුදල් කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කර ගැනීමටත් අවස්ථාව ලැබේ.



